දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොරෝනා බහුල පැතිවලට දිස්ත්‍රික් සංචරණ සීමා – හැඳුනුම් පත් අංකය අනුව නිවසින් බැහැර යාමේ ක්‍රමවේදයත් එයි

ඉදිරියේදී දිස්ත්‍රික්ක අතරත් සංචරණ සීමා පැනවෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘මව්බිමට’ පැවසීය.

එලෙස දිස්ත්‍රික්ක අතර ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව කොරෝනා ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කරගෙන බව ද යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

පළාත් අතර සංචරණ සීමා පැනවීම ඊයේ (මැයි 11) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 30 වන දා දක්වා බලාත්මක වන පරිදි කටයුතු කළ බවත් එය අත්‍යවශ්‍ය සේවා ඉදිරියට පවත්වා ගැනීමට බාධාවක් නොවන බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ය.

පළාත් අතර ගමන් කළ හැකි අත්‍යවශ්‍ය සේවා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ද හෙතෙම පැවසීය.

එසේ ම, ඉදිරි දින කිහිපය තුළදී පෙර ක්‍රියාත්මක කළ හැඳුනුම්පත් අංකය මත නිවසින් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා බැහැර වන ක්‍රමවේදය බලාත්මක කිරීමට තීරණය කර ඇති බවත් එය ඉදිරි දිනෙක ප්‍රකාශයට පත් කරන බවත් යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් ‘මව්බිමට’ සඳහන් කළේ ය.

 

චාමර අමරසූරිය
Source – Mawbima.lk

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button