ගොසිප් පුවත්තරු හුට පට

අනුහස්ට රි’දෙන්නම චූටි මැණිකේ ස්වයං ව්‍යාපාරයක් අරඹයි – චූටි මැණිකේ ස්පෙෂල් පැස්ටා කරළියට

‘‘ශලනි සෙව්මිණි ප්‍රනාන්දු ඇයගේ නාමයයි. හැබැයි අද බොහෝ දෙනා, ඇයව හඳුන්වන්නේ ළිහිණි හෙවත් චූටි මැණිකේ යන නමින්ය. දන්නවනේ මේ චූටි මැණිකේ කවුද කියලා? ඇය හමුවන්නෙ දෙවැනි ඉනිම නාට්‍යය ඔස්සේයි.

චූටි මැණිකේ වූ මේ ශලිනි කවුද?’’ 

මේ දුව ගැන මට විග්‍රහයක් කරන්න කිව්වොත්, එයා ඇත්තටම මට ලැබුණු සම්පතක් කියලයි මම හිතන්නේ. එයා මේ පොඩි වයසට මෙච්චර දුර ගමනක් ඒවි කියලා මම නම් හිතුවෙ නැහැ. මෙයාගේ තාත්තත් නැතුව මම මෙයාව හදා වඩා ගත්තේ බොහෝම අමාරුවෙන්. බොහෝම දුක් විඳලා හදපු දරුවෙක්.

ඒ නිසා මට අද එයා ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. හරිම හොඳ ගුණ යහපත් දරුවෙක්. ඕනෑම වැඩක් කරන්නෙ මගෙන් අහලයි. මට නොකියා කිසිම දෙයක් කරන්නේ නැහැ. අද කාලයේ හැටියට මේ වගේ දුවක් මට ලැබීම වාසනාවක්. හැබැයි ඉතින් පොඩි පොඩි දේට අම්මයි දුවයි පුංචි පුංචි රණ්ඩුත් වෙනවා. මොකද තවම අවුරුදු 20 නෙ එයාගේ වයස. ඒ වුණාට හොඳ මුහුකුරා ගිය දැනුමක් තියෙන්නේ. ඕනෑම දෙයක් ගැන කතා කරන්න හරිම තර්කානුකූලයි. දෙවැනි ඉනිමේ ලිහිණිගේ අම්මා වීම ගැන මට නම් තියෙන්නේ පුදුම සතුටක්.

ශලිනිගේ අම්මා මානි ශලිනි ගැන කියන්නේ ඒ විදිහටයි. අම්මා කියූ දේට එහා ගිය තවත් දේ ශලිනි අපට කියන්නේ මේ විදිහටයි.

ශලිනි කවුද කියලා ඔබම කිව්වොත්? 

කෙටියන්ම මා ගැන කිව්වොත්, මම පාසල් ගිය කාලයේ දී නම් හරිම දඟ චරිතයක්. මීගමුව ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලෙන් ඉගෙන ගත්තේ. දඟ චරිතයක් වුණාට හරිම සංවේදී කෙනෙක්. මිනිසුන්ට විතරක් නොවෙයි. සතෙකුට කරදරයක් වුණත් මට හරියට ඇඬෙනවා. තාත්තා මියයන කොට මගේ වයස අවුරුදු 4යි. එතැන් සිට අම්මගෙයි මගේ එකම අයියගෙයි ආදරය මැද හැදිච්ච කෙනෙක්.

ශලිනිගෙ ගම? 

මීගමුව.

මොන වගේ අරමුණක් ඇතිව ද ඉගෙන ගත්තේ? 

උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. ඉන්පසුව විලාසිතා නිර්මාණකරණය ගැන වැඩිදුර හැදෑරීමට පෙළැඹුණා. දැන් එහි උපාධියට ලැහැස්ති වෙනවා.

ශලිනි කොහොමද ලිහිණි වුණේ ? 

ඒක ටිකක් දිග කතාවක්. 2017 දෙරණ අවුරුදු කුමරිය වුණේ මම. එම අවුරුදු කුමරිය සහ කුමරා තෝරාගත් තරගයේ ප්‍රථම ස්ථාන ලැබූ තුන් දෙනාට තිර පරීක්ෂණයකට එන්න කියලා දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා කියලා තිබුණා. ඉන්පසුව චරිත් කොතලාවල මහතා කිව්වේ මම දෙවැනි ඉනිමේ චරිතයකට තෝරාගෙන කියලයි. සර් ඇත්තම ද මේ කියන්නේ කියලා මම ඇහුවා. කොහොම හරි මම ලිහිණි හෙවත් චූටි මැණිකේ වුණේ ඒ විදියටයි.

ඊට පෙර රඟපාලා තිබුණේ නැද්ද? 

අඩු තරමින් ෆොටෝ ෂූට් එකකටවත් ඉඳලා නැහැ. මේ තමයි මගේ ප්‍රථම රංගනය. මුලින්ම මට තිබුණෙ රවීන් අයියා එක්ක. පෙර පුහුණුවක් වගේ අවස්ථාවකට පෙනී සිටින්නයි. කොච්චර බය වෙලා හිටියද කිව්වොත් මම වෙව්ලන්න පටන් ගත්තා. ඒත් රවීන් අයියා වගේම සාරංග මෙන්ඩිස් මහතා ඇතුළු දෙවැනි ඉනිම කණ්ඩායම මට පුදුම විදියට උදවු කළා. මේ වගේ හොඳ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ලොකු වාසනාවක්.

අද ලැබෙන ප්‍රතිචාර මොන වගේද? 

අනේ ඔයා ඔහොමම චූටි මැණිකේ විදියට ඉන්න. වෙනස් වෙන්න නම් එපා කියලා තමයි මේ නාට්‍ය නරඹන බොහෝ දෙනා කියන්නේ.

මම කතා කරන විදියට සමහර අය කැමැතියි. ඒ වගේම බනි’ න පිරිසකුත් ඉන්නවා. රෝස මල් වගේම ගල් මුල් සියල්ල අපි ආදරයෙන් බාර ගන්න ඕනෑ.

මෙතැනින් එහාට රඟපෑ චරිත තියෙනවද? 

ආරාධනා කීපයක්ම ලැබුණා. ඒත් උපාධිය නිසා බාර ගත්තේ නැහැ. හැබැයි හොඳ අධ්‍යක්ෂවරයෙකුගේ හොඳ නිර්මාණයක් ලැබුණොත් බාර ගන්නවා.

චූටි මැණිකේ සහ ශලිනි අතර වෙනස මොන වගේද? 

ශලිනි බොහෝම කටකාර කෙනෙක්. කට ඇති ගැහැණු ළමයෙක්. හැබැයි චූටි මැණිකේ එහෙම නැහැ. ඒත්, අනෙක් සියලු දේ දිහා බැලුවාම මම චූටි මැණිකේ වගෙයි.

ශලිනිට ජීවිතේ ගැන හිතෙන්නේ කොහොමද? 

තවම අවුරුදු 20 නෙ. ඒත් ජීවිතේ අත්විඳි දේ බොහෝමයි. ඒ සියල්ල වෙතින් තේරුම් ගත් විදිහට ජීවිතේ කියන්නේ සතුට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ප්‍රශ්න එක්ක ගලා යන දෙයක්. ඒක හරියට ගඟක් වගේ ගලා යන දෙයක්. ඒ සියල්ලට මුහුණ දෙමින් ජීවිතයේ ඉදිරියට යන්න ඕනෑ. ජීවිතේ ප්‍රශ්න පුරවා ගෙන ජීවත් වෙනවාට වඩා නිදහසේ නිදහස් මනසින් ජීවත් වෙන්න ආසයි. ඒ විදියට ඉන්න උත්සාහ ගන්නවා.

විනෝදාංශයට එහෙම මොනවද කරන්නේ. 

ඉස්සර නැටුම් කළා. දැන් නම් මගේ විනෝදාංශය ෆැෂන් ඩිසයිනින් කිරීමයි. ඒ හැර ෆිල්ම්ස් බලන්න හරිම ආසයි. මම ෆිල්ම්ස් ගොඩක් බලන කෙනෙක්. අපේ ගෙදර ඉන්න ජෙනී, ශ්‍රෙක් සහ බෲනෝ සුනක සුරතලුන් තුන් දෙනා හුරතල් කිරීම ඊළඟ විනෝදාංශයයි.

ශලිනිගේ අම්මා නම් කියන්නේ, ශලිනිට හොඳට උයන්න පිහන්න පුළුවන් කියලයි. ඒක ඇත්ත ද? 

අපේ තාත්තා නැති වුණේ මම කුඩා කාලයේදිමනෙ. ඒ නිසා අම්මා තනියම වැඩ කරද්දි අම්මාට උදව් කරන්න පුරුදු වුණේ කුඩා කාලයේ ඉඳලමයි. අම්මා ගෙදර වැඩ කරද්දි අයියා රැකියාවට ගියා. ඉතින් ගෙදර වැඩවලට උදව් කිරීම මගේ පුරුද්දක් වුණා. ඒ නිසා පරිප්පු හොද්දක් බතක් හදා ගන්න එක අද මට එච්චර ලොකු දෙයක් නෙවෙයි.

චූටි මැණිකේ ස්පෙෂල් වට්ටෝරුව මොකක්ද? 

මම උයන ෆිෂ් කරි එකට සහ එක එක විදිහට හදන පැස්ටාවලට අම්මයි අයියයි හරිම ආසයි. චූටි මැණිකේ ස්පෙෂල් ඒ පැස්ටා එක තමයි.

චූටි මැණිකේ එක්ක ආදරේ ගැන කතා කරන්න පුළුවන් ද? 

ආදරේට වයසක් කියලා දෙයක් නැහැනෙ. පොඩි දරුවාගෙ සිට මහලු වියට පත් කෙනා දක්වා එක එක විදියට ආදරය ලබනවා.

අනෙක් හැමෝටම වගේම මමත් ආදරේ දැනෙන හැඟෙන කෙනෙක්.

සඳුන් ගමගේ

Courtesy – Saaravita

 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button